බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා අනවශ්‍ය ලෙස මුදල් වැය කරන බවට එල්ල වන චෝදනා, දේශපාලන අවශ්‍යතා මත එල්ල කරන ඒවා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.
මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරැ දෙමින් (12) අද පෙරවරුවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ චෝදනා එල්ල කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනාගෙන් තමන් මේ පිළිබඳව විමසා සිටි බවයි.
මාධ්‍යවේදීන් කැමරාව යොමු කරමින් මේ සම්බන්ධයෙන් ඇසූ නිසා පුවත් පළ කර ගැනීමේ අවශ්‍යතාව මත තමන් එලෙස ප්‍රකාශ කළ බව එම මන්ත්‍රීවරුන් සඳහන් කර සිටි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන් මැදිහත්වී පළාත් සභාවට පුටු ගෙන ඒම නවත්වා ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමන් රහසේ එවැනි ප්‍රකාශ කරන බවට තමන් නොසිතන බවයි.
තමන් සහ අමාත්‍යවරු අතර පැවති සාකච්ඡාව පිළිබඳව ආණ්ඩුකාරතුමන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ඇති බවයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මෙහිදී සඳහන් කළේ.
පුටු අස්සේ හැංගුන බස්නාහිර නොදත් පැත්ත
පුටු අස්සේ හැංගුන බස්නාහිර නොදත් පැත්ත
Posted by Supiri Gossip on Wednesday, September 12, 2018