පූජ්‍ය දඹර අමිල හිමි මහින්දගේ සරමේ සිට සිරිසේනගේ ජංගි තෙක් ගලවපු කතාව මෙන්න (Video)

පූජ්‍ය දඹර අමිල හිමි මහින්දගේ සරමේ සිට සිරිසේනගේ ජංගි තෙක් ගලවපු කතාව මෙන්න (Video)
Spread the love

වත්මන් සිරිසේන ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට විශාල කැප කිරීමක් කළ ආචාර්ය දඹර අමිල හිමියෝ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද රාජපක්ෂගේ සිට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දක්වා රෙදි ගලවා අමුඩ ගස්සවන ලදී.

එහිමියෝ මෙසේ කීහ. “මේ සිදුවීම් වලට සම්පූර්නයෙන්ම ජනාධිපති වගකිව යුතුයි. අද ඉන්න ජනාධිපතිවරයා නිකම් දෙකයි පනහේ පතෝල වර්ගයේ ජනාධිපතිවරයෙක්. හරිම කණගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. අපි ලෝකේ කිසිම තැනක දැකලා නෑ මේ වගේ පජාති ජනාධිපතිවරයෙක්. ඒ කියන්නේ මෙයා කොන්ද පණ නැති, පතෝල, දෙකයි පනහේ ජනාධිපතිවරයෙක් ඇත්තටම කියනවා නම්. රටේ නීතිය පවත්වාගෙන යෑම තමන්ගේ ප්‍රධාන වගකීමක්. ඒක එයාට කරන්න බැරිනම් මෙතනින් යන්න කියලයි කියන්න තියෙන්නේ. ‘කරපං හරියට නැත්නම් පලයං අහකට‘ . මෙයා මුළු රටම විනාස කරනවා. මෙයා මුළු රටටම පිළිලයක් වෙලා තියෙන්නේ. මුළු රටම පජාති කරලා තියෙනවා. ජාතික සමගිය නැති කරන තැනට පත් කරලා. එහෙට වැනෙනවා. මෙ‍ෙහට වැනෙනවා. කතාවට නම් හරිම දක්ෂයි. නමුත් ක්‍රියාමාර්ග ගන්න බැරි කොන්ද පණ නැති පාලකයෙක්. අපි එයාට කරන්නයි කියලා බලය දුන්නු දේවල් ටික හැර එයා අනෙක් ඔක්කොම කළා. අද එක්සත් ජාතික පක්ෂය කියද්දිත් ෆීල්ඩ් මාර්ෂල්ට නීතිය හා සාමය දෙන්නෙ නෑ. ඇයි එයා හොරුත් එක්ක ඉන්නවා. මිනීමරුවොත් එක්ක ඉන්නවා.

ඒ නිසා අපි කෙලින්ම චෝදනා කරනවා ‘ජනාධිපතිවරයා හොරෙක්. ජනාධිපතිවරයා මිනීමරුවෙක්..‘ මීනීමරුවන්ව හොරුන්ව ආරක්ෂා කරන ජනාධිපතිවරයෙක් අද ඉන්නේ. ඒ නිසා අපි රටට කියනවා ලෝකෙට කියනවා ‘සත පහකට විශ්වාස කරන්න එපා මේ ජනාධිපතිවරයාව‘ කියලා. මෙයා සම්පූර්ණ ඩීල් එක්ක ජීවිතය ගත කරන්නේ. මෙයාගේ සුදු ඇඳුම අද සත පහකට වැඩක් ඇති දෙයක් නොවෙයි. සම්පූර්ණ වංචාකාරී ජනාධිපතිවරයෙක් ඉන්නේ කියන එක බය නැතිව කියන්න ඕනේ. අපි බැලුවා පරීක්ෂණ කීපයක් තියලා. ඒ හැම පරීක්ෂනයකින්ම අන්තිමට ඔප්පු වෙලා තියෙන්නේ මෙයා හොරු ආරක්ෂා කරන ක්‍රියාවලියේ දිගටම ඉඳලා තියෙනවා.“