පෙබරවාරි 10 න් පස්සේ මම තේ හා ගම්මිරිස් වලට අත තියනවා

පෙබරවාරි 10 න් පස්සේ මම තේ හා ගම්මිරිස් වලට අත තියනවා
Spread the love

 ඊයේ (28)  බදුල්ලේ පැවැති ජනහමුවකදී තේ හා ගම්මිරිස් ප්‍රති අපනයනය තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

එහිදී,

“ තේ ප්‍රතිඅපනයන මම සම්පූර්ණයෙන්ම නවත්වනවා. ගම්මිරිස් මිල පහත ගොස් තිබෙන්නේත් ප්‍රතිඅපනයනය නිසා. පෙබරවාරි 10 න් පස්සේ මම එතනටත් අත තියනවා. මම ගම්මිරිස් ප්‍රති අපනයනත් නවත්වනවා. අර්තාපල් සඳහා 50%ක බදු නිදහසක් දුන්නේ මම. බීජ අර්තාපල් සඳහා දැන් තිබෙන සහනය සියයට 50. එය මම 100%ක් දක්වා පත්කරනවා.” යනුවෙන්ද ජනපති තුමන් විසින් වැඩි දුරටත් පවසන ලදී.