මේ වනවිට දේශපාලන පොරපිටියේ පවතින අගමැති තේරීමේ තරගයෙන් වැඩි වාසි අත්කරගැනීමට කරු ජයසුරිය මහතා සමත්ව ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ තත්වයත් සමග පවසා ඇත්තේ එජාපය හා හවුල් ආණ්ඩුවට අත්සන් කළද රනිල් නොමැති ආණ්ඩුවකට කරු ජයසුරිය සමග එක්වීම පිලිබදව තමන් සලකා බලන බවයි. ඒ අතර මේ සියල්ලටම අත්‍යාවශ්‍ය සාධකයක් වන ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දින කිහිපයක සිට දේශපාලන වේදිකාවෙන් ඉවත්ව සිටීම විචාරකයන්ගේ දැඩි අවධානයකට ලක්ව ඇත.
මේ අනුව, සුසිල් ප්‍රමුඛ සමගි කිරීමේ කණ්ඩායම මේ වන විට ව්‍යාකූලව සිටින අතර , ආණ්ඩු වෙනසක් කිරීමට උත්සහ කල නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් පොදුවේ ගුණ මෙන්ම දොස්ද ඇසීමට සිදුව ඇත.. ඒ අතර සුමතිපාල මහතාට නියෝජ්‍ය කතානායක කමත් නැතිවීමේ අවදානමක් මේවන විට ඇතිවී ඇති බවද අපවෙත වාර්තා වේ.
