පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනි… – සුලේකා ජයවර්ධන

Spread the love

රෙදි කඩේකදි ඇඳුම් මාරු කරන හැටි වෙළඳසැලේ හිටපු කෙනෙක් වීඩියෝ කරන්න ගිය සිද්ධිය ගැන සුලේඛා සති අන්ත පුවත්පතකට අදහස් දක්වලා තියෙන්නේ මේ විදියට.

මොකක්ද එදා සිද්ධවුණේ?

මෙම දෙහිවල ඇඳුම් කඩයකට ගියා ඇඳුම් ගන්න, හරියටම රාමසාන් උපවාස පටන්ගත්ත දවසේ, ඒක ප්‍රසිද්ධ කඩයක් නෙවෙයි, නමුත් ලස්සන ඇඳුම් තියෙනවා දැකපු නිසා මම ඒ කඩේ ඇතුලට ගියා, ගැලපෙනවා කියලා හිතෙන ඇඳුම් දෙක තුනක් අරන් මම ඇඳුම් මාරු කරන කාමරය ඇතුලට ගියා, විනාඩි 5ක් විතර මම කාමරේ ඇතුලේ ඇඳුම් මාරු කරකර හිටියා, ඒත් එක පාරටම දැක්කා මොබයිල් එකකින් මාව වීඩියෝ කරන බව,

කොහොමද එහෙම දැක්කේ ?

ඒ සාප්පුවේ ඇඳුම් මාරු කරන කාමරයේ දොර පොළවේ ඉඳලා අඟල් 15ක් විතර උසින් තමයි හයි කරලා තියෙන්නේ. මම ඉස්සරහා කණ්නාඩිය දිහා බලන් ඉන්නකොට ඒකෙන් දැක්කා දොර ලඟ මොකක් හරි තියෙනවා කියලා, ඒ තියෙන්නේ කැමරා ෆෝන් එකක් කියලා මම කණ්නාඩියෙන් අඳුන ගත්තා. ඒ වෙලාවේ මට හුඟක් බය හිතුනා.

බයටම කෑ ගැහුණද ?

ඔව් බයයි, දුකයි, තරහයි, මට කෑ ගැහුණා. ඇඳුමක් ඇඳගෙන මම එළියට එනකොට ඒ මනුස්සයා දොර යටින් ෆෝන් එක අරගෙන සාක්කුවේ දාගෙන හිටියා, මම එළිය ආපු ගමන් වීඩියෝ කරපු මිනිහව අතටම අල්ලා ගත්තා,

දුරකථනයේ ඒ වීඩියෝව තිබුණද ?

ඒ පොඩි ෆෝන් ඔපරේට් කරන හැටි මම දන්නෙවත් නෑ, මම ඒ ෆෝන් එකයි මිනිහාවයි දෙන්නම පොලිසියට භාර දුන්නා.

ඒ වීඩියෝ කරපු කෙනා ඇඳුම් කඩේ වැඩ කරන කෙනෙක්ද ?

ඔව් එයා කඩේ වැඩට ඇවිත් හරියටම මාසයයිලූ‍. පොඩි කොල්ලෙක්. වයස 20ක් වගේ ඇති. ගෑණු ළමයෙක් වෙලා ඉපදුනාම ප්‍රවේශම් වෙන්න ඕනි, දෙවියෝ විශ්වාස කරන නිසා දෙවියෝ මාව බේරගත්තා, පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනි, විශේෂයෙන්ම පිරිමි ළමයින්ට, එතකොට මේ වගේ මානසික ලෙඩ්ඩු බිහිවෙන්නේ නෑ.