ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත් අරණායක ප්‍රාදේශීය සභාවේ බලය අද (26) පැවති ජන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ.
ජන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට ජන්ද 16ක් හිමි වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇත්තේ ජන්ද 14කි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නම යෝජනා කළ නිහාල් සෙනවිරත්න සභාපතිවරයා ලෙස තේරීපත්ව තිබෙනවා.

