මෙතෙක් කල් සිදුකල සුරාබදු ආඥා පනත යටතේ පොලිසිය විසින් නඩු පැවරීම කළ නොහැකි බව කළුතර මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය එම බල ප්‍රදේශයේ සියළු පොලිස් ස්ථාන වෙත දන්වා තිබෙනවා.
ඒ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් පවරන ලද නඩුවක් වෙනුවෙන් සැකකාර පාර්ශවය විසින් ගොනු කරන ලද අභියාචනයක් සලකා බලා කළුතර මහාධිකරණය දුන් තීන්දුවක් මත පදනම් වන අතර මහාධිකරණ තීන්දුවෙන් දන්වා ඇත්තේ සුරාබදු ආඥාපනත යටතේ පොලිසියට නඩුපැවරිය නොහැකි බවය. එහිදී අදාල චූදිතයන් නිදොස්කොට නිදහස් කොට තිබෙනවා.
[rns_reactions]

