පොසොන් සමයේ අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනා කරුවන්ගේ නොදැනුවත්කම නිසා පුරාවිද්‍යා ස්මාරක වලට සිදුවන හානිය තවමත් ඉතා බරපතල තත්වයක පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා ප්‍රකාශ කරයි. මෙම පුරා විද්‍යා ස්මාරක සහ පුරාවස්තු විනාශය වැලකීම පිණිස වඩාත් විධිමත් සාමූහික වැඩපිළිවළක අවශ්‍යතාව ඒ මහතා අවධාරණය කරයි.
අනුරාධපුරයේ පූජනිය ස්ථාන වෙත පැමිණෙන වන්දනා කරුවන් ඒ අවට ඇති පුරාවිද්‍යා පරිශ්‍රයන්හි ආහාර පිසීම්, නවාතැන් ගැනීම් ආදී කටයුතු වල යෙදීම නිසා එම ස්මාරක සහ පුරාවිද්‍යා වස්තූන්ට බරපතල හානි සිදුවන බව පෙන්වා දෙන මහාචාර්යවරයා පුරාවිද්‍යා ස්මාරක මත ආහාර පිසීම සඳහා ගිනි දැල්වීම් ආදියෙන් එහි ඇති මුරගල් කොරවක් ගල් සහ මෙතෙක් තහවුරු කළ සහ තහවුරු නොකළ පුරාවිද්‍යා ස්මාරක යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි අන්දමට විනාශ වී යන බවද පෙන්වා දෙයි.
මීට පෙර අවස්ථා වල සිදුකරන ලද ගවේෂණයකදී සෑම පොසොන් සමයක් අවසානයේම වන්දනාකරුවන් විසින් හානි කරන ලද ශිලාමය කොටස් ඇතුලු පුරාවිද්‍යා ස්මාරක කොටස් ටොන් 3 ක් 10 ක් අතර ප්‍රමාණයක් එම පරිශ්‍ර වලින් බැහැර කිරීමට සිදුවූ බවද මහාචාර්ය වරයා ප්‍රකාශ කරයි.
මෙම පුරා වස්තු විනාශය වැලැක්වීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලට තනිව කළ හැකි කාර්ය භාරයක් නොවන බවද ඒ සඳහා පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධාන වල ඒකාබද්ධ ක්‍රියාන්විතයක් ඇරඹිය යුතු බවද පෙන්වා දෙන මහාචාර්ය කුලතුංග ඒ සම්බන්ධයෙන් වන්දනාකරුවන් දැනුවත් කිරීම පිණිස මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිසේත්ම සතුටු විය නොහැකි බව ද පෙන්වා දෙයි.
මෙහිදී අනුරාධපුර පූජනීය ස්ථාන අවට ආහාර පිසීමේ හා නවාතැන් ගැනීමේදී පුරාවිද්‍යා ස්මාරක නොමැති හිස් භූමි භාගයන් තොරා ගැනීම සම්බන්ධයෙන් වන්දනා කරුවන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
[rns_reactions]