පොහොට්ටුවේ තවත් පෙති දෙකක් ගැලවී මෛත්‍රීගේ අතට

පොහොට්ටුවේ තවත් පෙති දෙකක් ගැලවී මෛත්‍රීගේ අතට
Spread the love

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ  අපේක්ෂක මංජුල ජයශාන්ත පෙරේරා සහ අපේක්ෂිකා හීනටිගල මාදින්නාගේ රසිකා මහත්මිය ඊයේ (20) පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී  වංචාව, දූෂණය පිටුදකිමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ යහපත් රටක් ගොඩනැගීමට ජනාධිපති ගෙනයන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කරමින් ජනපති සමඟ එක්වූ බව බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය මහතා ද මෙම  අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහරගම නගර සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ඉදිරි වැඩපිළිවෙළ ඇතුළත් මැතිවරණ ප්‍රකාශය ද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙහිදී ජනාධිපති වෙත පිළිගැන්වීය.