ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂයේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළ විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එජාපයේ සහය ලබා ගත් අතර එයට පොදුජන පෙරමුණ තුළින්ම විරෝධතා එල්ල වූවා.
එහි ප්‍රබලතම පුපුරා යාම සිදු වූයේ රත්නපුර දිස්ත්‍රීක් මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි විසින් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුනගේ සහය ගෙන තම නියෝජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කලේ යයි රංජිත් සොයිසා, ප්‍රේමලාල් ජයසේකර, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ චෝදනා කිරීමත් සමගයි.
මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න විසින් කරන ලද්දේ දේශපාලන මගෝඩිකමක් යයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා කියා සිටියා.

