පොහොට්ටු පරකරමින් කොටිකාවත්ත මුල්ලේරියාව හවුලේ පිහිටුවන්න සාකච්ඡා රැසක්..

පොහොට්ටු පරකරමින් කොටිකාවත්ත මුල්ලේරියාව හවුලේ පිහිටුවන්න සාකච්ඡා රැසක්..
Spread the love

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සංධානය අතර තිරණාත්මක සාක්ච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ආසනයේ ප්‍රධාන සංවිධායකයින් දෙපල වන ප්‍රසන්න සෝලංගආරච්චි සහ එස්. එම් මරික්කාර් කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වේ.

 මැතිවරණ ප්‍රතිඵලයට අනුව පොහොට්ටු පක්ෂයට ආසන 16කුත් එජාපයට ආසන 12කුත් එජනිසයට ආසන 04කුත් ජවිපෙට ආසන 03කුත් රාජාලියා පක්ෂයට ආසන 01කුත් හිමිවු අතර ඒ අනුව එජනිසය එජාපය සහ රාජාලියා එක්ව ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීමේ සුදානමක් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.

නිල නොලත් ආරංචි මාර්ග අනුව ප්‍රසන්න සෝලංගආරච්චි නම් කරන එජාප ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස පත්කිරිමට මරික්කාර් එකගතාව පලකර ඇති අතර උප සභාපතිධුරය එජනිසයට ලැබීමට නියමිත බව සදහන්.