පොහොට්ටු සිහින දකින හිටපු එල්ටීටීඊ නායකයෙකු එල්ටීටීඊ සිහිනයක් ගැන කියපු කතාව මෙන්න..

පොහොට්ටු සිහින දකින හිටපු එල්ටීටීඊ නායකයෙකු එල්ටීටීඊ සිහිනයක් ගැන කියපු කතාව මෙන්න..
Spread the love
දෙමළ ජාතික සන්ධානය සිය ගෞරවය  අහිමි කරගෙන ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා. ඔහු කියා සිටියේ ලැජ්ජාවක් නොමැති දෙමළ ජාතික සන්ධානය ඊපීඩීපී සමග එක්ව උතුරු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කිරිම නින්දිත ක්‍රියාවක් බවයි.

ඒ තරමට දෙමළ ජාතික සන්ධානය ජනතාව අතර පිරිහි ගොස් ඇති බවයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායග මූර්ති මුරලිදරන් පෙන්වා දුන්නේ.

මඩකළපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තේරීපත්වූ දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ සභිකයන් දිවුරුම්දීමේ අවස්ථාවට  (01) පස්වරුවේ එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ මේවන විට උතුරු නැගෙනහිර ජනතාව දෙමළ ජාතික සන්ධානයේ නොහැකියාව වටහාගෙන ඇති බවයි. එම නිසා දිනෙන් දින එම සන්ධානය ජනතාව අතරින් ඈත්වී යන බවද සඳහන් කළා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීම තමන්ට ද සතුටක් බවත් එය තමන්ගේ ද ජයග්‍රහණයක් බවයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

හැකි ඉක්මණින් රටේ පාලන වෙනස් වනු ඇති බවත් එහිදී නැගෙනහිර පරිපාලන තමන් සතු වන බවත් එම අවස්ථාව උදාවන තුරු තමා අපේක්ෂාවෙන් සිටින බවත් සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ එහිදී ජනතාවට අවශ්‍ය සියළුම සේවාවන් සැලයීමට කටයුතු කරන බවයි.