පොහොර බෙදල පොහොට්ටුවට ඡන්ද ගන්න හදපු හැටි මාට්ටු වෙයි….

පොහොර බෙදල පොහොට්ටුවට ඡන්ද ගන්න හදපු හැටි මාට්ටු වෙයි….
Spread the love

අනුරාධපුර දිස්ත්‍රිකයේ කැබැතිගොල්ලැව ප්‍රාෙද්ශිය සභාවේ වාහල්කඩ කොට්ඨාශයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂිකවකගේ නිවස ඉදිරිපිටදි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් පොහොර මිටි 62 ක් තෝරා ගත් පිරිසකට බෙදා දෙමින් සිටියදි කැබිතිගොල්ලැව පොලිසිය මගින් පොලිසිය  භාරයට ගෙන ඇත.

මෙම පොහොට්ටු අපේක්ෂිකාවගේ සැමියා ගොවිජන සේවා දෙපාර්ථමේනුතුවේ කෘෂි පර්යේෂණ නිලධාරියෙකි.මේ දිනවල රජරට පවතින දැඩි පොහොර හිගය නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පොහොර සහනාධාරය වෙනුවට ඝෘජුවම ගොවිජන සේවා මධ්‍යස්ථානයට පොහොර ලබා දිමට පියවර ගෙන ඇති අතර එසේ රජය මගින් සැපයු මෙම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථානය තුලදි නොබේදා සිය නිවසේ තබා ගෙන තෝරාගත් ගොවියන්ට පමනක් පොහොර බෙදිමට මෙම කෘෂි පරියේෂණ නිලධාරිවරයා ක්‍රියාකර ඇති බැවින් ඔහුට විරුද්ධවද නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල අංශ වෙත දන්වා ඇති බව වාර්ථ වෙයි.