අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සමරමින් ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වාර්ෂිකව මෙම බත් දන්සැල සංවිධානය කරනවා.
මෙසේ ආරම්භ කරන දන්සලේ ආරම්භක පියවර වන්නේසංඝයා වහන්සේලා වෙත දානය පිරිනැමීමයි. සුපුරුදු පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධ පුජාවෙන් අනතුරුව සංගයා වහන්සේලා උදෙසා දානය පිරිනැමීම ආරම්භ කරා..
එහිදී ජනාධිපති තුමා එක් පොඩි හාමුදුරු නමකට දානය බෙදන අවස්ථාවේදී උන්වහන්සේ කණගාටුවෙන් සිටිනවා දැක “ඇයි පොඩි හාමුදුරුවනේ දුකින් වගේ“ යයි විමසුවා.
එවිට පොඩි හාමුදුරුවන් පවසා ඇත්තේ “නෑ මොකවත් නෑ… “ කියායි. කෙසේ වෙතත් හාමුදුරුවන් වහන්සේ දානය ගැනවත් නොසතුටින් පසුවෙතැයි සිතු ජනාධිපති තුමා නැවතත් “අපේ හාමුදුරුවනේ මොකක්ද ප්‍රශ්නේ මට කියන්නයි” පැවසුවා.
එවිට පොඩි නම පවසා ඇත්තේ “එහෙනම් පොඩ්ඩක් ඔලුව පාත් කරන්න….” ජනාධිපති තුමාද බොහෝ බැතිබර සිතින් පොඩිහාමුදුරුවන් වෙත ඔලුව නමා කාරණය විමසා තිබෙනවා. එවිට පොඩි හාමුදුරුවන් පවසා ඇත්තේ “මේ ඔයාට පුලුවන්ද මට උඩ යවන ප්ලේන් එකක් අරන් දෙන්න”
එකවරම ඒ ප්‍රකාශයට එකඟ නොවී ජනාධ්පති තුමා පැවසුවේ “අපේ හාමුදුරුවනේ අපි එහෙනම් ලොකු හාමුදුරුවන්ගේනුත් අහාලාම ප්ලේන් එකක් ගමු” කියායි..
“ආ එහෙනම් ඉතින් ඒක ගන්න වෙන එකක් නෑ” කියා පොඩි හාමුදුරුවන් පැවසුවද ජනාධිපති තුමා විසින් ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරියකුට පැවසුවේ ලොකු හාමුදුරුවන්ගේ අවසරය ගෙන පොඩි හාමුදුරුවන් හට අවශ්‍ය සෙල්ලම් භාණ්ඩය අරන්දෙන ලෙසයි.
[rns_reactions]