සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී මේ වනවිට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 දැවී ලකුණු 210 ලබාගත්තේ ඕවරයකට 10.5 දල ලකුණු වේගයක් රදවාගනිමිනි..
තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1 ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.
අද තරගය පැවැත්වෙන තණතිල්ල බංග්ලාදේශ කණ්ඩායමට වාසිදායක අයුරින් සකසා ඇති බවයි වාර්තා වන්නේ.
කලක් බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය හෙබවූ චන්දික හතුරුසිංහ සම්බන්ධයෙන් ද ක‍්‍රිකට් විචාරකයින් විවිධ අදහස් පළ කර තිබෙනවා.
ඔහු බංග්ලාදේශයේ තණතිලි පිළිබඳව අත්දැකීමක් ලබා තිබීම ශ‍්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක වූ බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

