බන්දුල මුදල් ඇමතිකම එපා කියයි

බන්දුල මුදල් ඇමතිකම එපා කියයි
Spread the love
මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල හේතුවෙන් රටේ ආණ්ඩු වෙනසක් සිදු කිරීමට ජනාධිපතිවරයාට සිදුවී ඇති බවත් සංධානය පිහිටුවන නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය තමන්ට බාර ගැනීමට ආරාධනා ලැබි ඇතිමුත් තමන් හෝ ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු කිසිම තනතුරු බාර නොගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (18) කියා සිටියේය.
“පළාත් පාලන මැතිවරණයේ ජනතාව ‍පොහොට්ටුවට ඡන්දය දුන්නේ ජනාධිපතිවරයා එක්ක ආණ්ඩු පිහිටුවලා තනතුරු බෙදාගන්න ‍නෙවෙයි, ජනවරමට අනුව අලුත් ආණ්ඩුවේ තනතුරු බාරගන්න අපට පුළුවන්කමක් නෑ. ඒ වුණත් රට අරාජික වීම වළක්වා ගන්න ශ්‍රී ල.නි.ප.ය එ.ජා.ප.යෙන් අයින් වී අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ නම් ඊට අපි ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි විරහිතව සහය දෙනවා. ඒ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ලිඛිතව ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා” යැයිද එහිදී මන්ත්‍රීතුමා වැඩිදුරටත් සඳහන් කර ඇත.