බලධාරීන් දොයි. උසස්පෙළ සිසුන් 700ක් පැදුරේ හිඳ අකුරු කරයි..

Spread the love

බුද්ධික කුමාරසිරි)

හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයට උසස් පෙළ හැදෑරීමට මෙම වසරේදී ඇතුළු වූ සිසුන් 700කට පමණ ඉගෙනුමට අවශ්‍ය බංකු සහ පුටු නොමැති වීමෙන් පැදුරු මත හිඳ අධ්‍යාපන කටයුතු කිරීමට සිදු වීමෙන් සිසුන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි එම සිසුන්ෙග් දෙමාපියෝ පවසති.

ඉකුත් වසරේ සාමාන්‍ය පෙළ විභාගයට එම විද්‍යාලයෙන්ම පෙනී සිටි සිසුන් 673 දෙනකුගෙන් 668 දෙනෙකුම  විශිෂ්ඨ ලෙස සමත් වූ සමත් වූ තම දරුවන්ට උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය පහසුකම් නොලැබීමෙන් තම දරුවන් දැඩි කම්පනයට පත්ව ඇතැයි දෙමාපියෝ පවසති.

2010 දී ආරම්භ කරන ලද මෙම විද්‍යාලයේ උසස් පෙළ පංති පැවැත්වුවද විද්‍යාලයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන්ට උසස් පෙළ පංති සදහා යොමු කෙරෙන පළමු අවස්ථාව මෙය බැවින් විශාල සිසුන් පිරිසක් එකවර විද්‍යාලයට ඇතුළත් වී ඇති බවත් ඔවුහූ පවසති.

අවශ්‍ය ඩෙස් පුටු සංඛ්‍යාව පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට වසර එකහාමාරකට පෙර දැන්වූවද මෙතෙක් ඒ අනුව අවශ්‍ය පහසුකම් ලබා දීමට අමාත්‍යාංශය කටයුතු කර නැතැයි විද්‍යාලයීය සංවර්ධන සමිතියේ නිළධාරියෙක් පැවසීය.
මේ පිළිබදව විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න මහතාගෙන් කළ විමසීකදී ඔහු පැවසූවේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාතයාංශය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් මේ ගැන මාධ්‍යයට කිසිවක් පැවසීමට නොහැකි බවත්ය

[rns_reactions]