හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙසක් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ලාංකේය සංස්කෘතියේ පදනම, ශක්තිය, ජිවනාලිය වන්නේ බුදු දහම බවයි ඔහු සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ.
අතීතයේ සිටම අප රටත්, ජනතාවත් නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දුන්නද ඒවා හමුවේ නොසැලී සිටීමට බුදු දහමේ ආභාෂයෙන් ලද ශක්තිය හේතුවී ඇති අතර දුෂ්ඨ බලවේග අතින් පෙර නොවූ විරූ අන්දමින් මහා සංඝරත්නය අභියෝගයන්ට, පීඩනයට ලක්වෙමින් සිටින බවක් පෙනෙනන්ට තිබීම පිළිබඳ කණගාටු වන බවයි හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

