බල අරගලය අතරතුර අගමැතිකම ගැන මහින්දගෙන් ජනපති මෛත්‍රිට ලිපියක්…

බල අරගලය අතරතුර අගමැතිකම ගැන මහින්දගෙන් ජනපති මෛත්‍රිට ලිපියක්…
Spread the love

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාසය දිනා ගත හැකි මන්තී‍්‍රවරයෙකු අග‍්‍රාමාත්‍යධූරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා.

ඒ, එහි ප‍්‍රධාන ලේකම් මහින්ද අමරවීරගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපියකින්. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදීද සංවාදයට ලක්වූ ප‍්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුව වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුවත්ව සිදුව ඇති බව මෙම ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.