වාර්ෂික බස් ගාස්‌තු සංශෝධනයට අනුව ලබන මස ජුලි 1 වැනිදා සිට බස් ගාස්‌තු ඉහළ යා හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා “දිවයින”ට ඊයේ (11 වැනිදා) පැවැසීය.
ඒ අනුව බස් ගාස්‌තු සියයට 6 ත්, සියයට 6.5 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යැමට නියමිත වුවද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි හෙතෙම කීය.
බස් ගාස්‌තු සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් ඇතුළු අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
[rns_reactions]