බස් ගාස්තු වලට මොකද වෙන්නේ? ඇත්ත කතාව මෙන්න….

බස් ගාස්තු වලට මොකද වෙන්නේ? ඇත්ත කතාව මෙන්න….
Spread the love
පෙට්‍රල් සහ ඩීසල් මිළ වැඩිකිරීමට අයි.ඕ.සී සමාගම කටයුතු කිරීම නිසා බස් ගාස්තු ද වැඩිවනු ඇත්දැයි ජනතාව අතර සැකයක් පවතිනවා.
අපි ඒ පිළිබඳ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් විමසීමක් කළා.  එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අයි.ඕ.සී සමාගම විසින් ඉහළ දැමු රුපියල් 5 පෞද්ගලික බස් රථ කර්මාන්තයට කිසිදු බලපෑමක් එල්ල නොකරනු ඇති බවයි.

එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් රටේ බහුල පිහිටා ඇති බැවින් එවැනි අපහසුතාවක් නොමැති බව ද ඔහු කියා සිටියා. නමුත් මෙම රුපියල් 5යේ බලපෑම ජුලි මස බස් ගාස්තු සංශෝධනයට යම් ආකාරයකින් බලපානු ඇති බවද ඔහු සඳහන් කළා.

අයි ඕ සී සමාගම විසින් සිදු කෙරුණු මෙම මිළ වැඩිකිරීම පාදක කර ගනිමින් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා කියා සිටියා. 

මෙම අවස්ථාවේ ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය ද සඳහන් කළා.