බෆල් එකක්‌ දෙන්නම් කියා පාළු නිවසක ගරාජයක වෑන් එකකට ගෙනිහිල්ලා පාසල් දරුවාට අතවර කළ පොහොට්‌ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්

බෆල් එකක්‌ දෙන්නම් කියා පාළු නිවසක ගරාජයක වෑන් එකකට ගෙනිහිල්ලා පාසල් දරුවාට අතවර කළ පොහොට්‌ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්
Spread the love

මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු (පොහොට්‌ටුව) විසින් 14 හැවිරිදි පාසල් සිසුවකු වෑන් රථයක්‌ තුළදී අපහරණයට ලක්‌ කළ බවට මාතලේ පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ මත එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
 
 උකුවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන මොහු ලබන 31 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතලේ වැඩ බලන මහෙස්‌ත්‍රාත් සිරිල් විමලසේන මහතා ඊයේ (19 ) නියෝග කරන ලදී.
 
 සැකකාර ප්‍රාදේශීය මන්ත්‍රීවරයා උකුවෙල – ගුරලවෙල පදිංචි දෙදරු පියෙකි.
 
 ඉකුත් 14 දින උකුවෙල – ගුරලවෙල කන්දේ මඩ ගම්මානයේ තිබූ මළගෙදරක සිය ලොකු අම්මා සමග පාසල් සිසුවාද සහභාගි වී ඇත. එම මළගෙදරට සැකකාර මන්ත්‍රීවරයාද සහභාගි වී සිට ඇත. එහිදී සැකකාර මන්ත්‍රීවරයා සිසුවා සමග උපක්‍රමශීලීව සුහද වී මිතුදමක්‌ ගොඩනගා ගෙන ටික වේලාවකින් තමන් පැමිණි යතුරුපැදියේ යතුර නැති වී ඇති බැවින් එය සොයා ගැනීමට උදව් කරන ලෙස සිසුවාගෙන් ඉල්ලා තිබේ.
 
 පාසල් දරුවා තම ලොකු අම්මාට මේ බව පවසා අවසර ගෙන මන්ත්‍රීවරයා සමග දරුවා මළ ගෙදරින් පිටතට පැමිණ යතුර සොයා ටික වේලාවකින් යතුර හමු වී ඇති බව පවසා එය සොයාදීමට උදව් කළාට පාසල් සිසුවාට තෑග්ගක්‌ ලෙස බෆල් එකක්‌ ලබාදීමට යෑයි පවසා තමා සමග පැමිණෙන ලෙස දන්වා යතුරු පැදියේ පිටුපස නංවා ගෙන මළගෙදර සිට කිලෝ මීටර් හතරක්‌ පමණ දුරින් වූ උකුවෙල නුගපිටිය ප්‍රදේශයේ පාළු වත්තක පිහිටි නිවෙසකට රැගෙන ගොස්‌ තිබේ. පසුව ඒ අසල ගරාජයක නතර කර තිබූ වෑන් රථයක්‌ තුළදී තමාව අපහරණයට ලක්‌ කළ බව සිසුවා පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයට 17 දින පැමිණිලි කර ඇත.
 
 අපහරණයට ලක්‌ වූ සිසුවා විශේෂඥ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ.