බැදුම්කර වාර්තාවත් සමගින් ‘ජවිපෙ’ සහය කොන්දේසි විරහිතව ජනපති මෛත්‍රීට..

බැදුම්කර වාර්තාවත් සමගින්  ‘ජවිපෙ’ සහය කොන්දේසි විරහිතව ජනපති මෛත්‍රීට..
Spread the love

බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුව ඇති පාඩුව අයකර ගැනීමට ජනපති මෛත්‍රී ගෙන යන වැඩපිළිවෙලට සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලැබූ ක‍්‍රියාමාර්ග තම පක්ෂය අගය කරන බවයි. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) සිදු කළ විශේෂ ප‍්‍රකාශයේ දී පැවසුවේ මහා පරිමාණයේ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තා 34ක් මේ වනවිට තමන් වෙත භාරදී ඇති බවයි.

මෑතක දී වාර්තා 17ක් තමන් වෙත ලැබුණු බවත්, ඊට පෙර තවත් වාර්තා 17ක් ලැබුණු බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. ඒ අනුව කලින් ලැබුණු වාර්තා 17 මේ වනවිටත් නීතිපතිවරයා වෙත භාරදී ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.