මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්දයෙන් චෝදනා ලබා මේ වන රටින් පැනගොස් සැඟවී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් හට අද (15) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් වරෙන්තු නිකුත් කර ඇත.
මේ වන විට රටින් පැන ගොස් සිටින අර්ජුන් මහෙන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කිරීමට නියමිත බව සඳහන් වේ.