දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මිය පවසා තිබුනේය.
ඒ ඊයේ (02දා) යාපනය වීරේශ්වරම් ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී එල්.ටී.ටී.ඊ සංවිධානය පැවති කාලය තුළ දෙමළ ජනතාව සාමකාමීව සිටි බවත් යුද්ධය නිමාවු 2009 මැයි 18 පසු නැවත එය දැනෙන්න පටන් ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කරයි.මෙම උත්සව අවස්ථාවේදී දමිළ ඊළාම් රාජ්‍යයේ සිතියමක්ද ප්‍රදර්ශනය කර ඇති අතර ඒ පිළිබඳ ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ.
මෙම ප්‍රකාශයත් සමග ඇය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙනම රාජ්‍යක් ගොඩනැගීම සදහා දේශනයක් සිදුකල බැවින් රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කල යුතු බවට යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කථානායකවරයාට භාර දීමට සුදානම් බව වාර්තා වේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් වුවත් ව්‍යාපාරික කාන්තාවක් වන මැය කිසිවකුගේ මුදල් මත මෙම ප්‍රකාශය සිදු කල බවටද රාවයක් පැතිරෙමින් පවතිනවා. දෙරණ වෙබ් අඩවිය වාර්තා කල පරිදි බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙවැනි දෙයක් කලාද යන්න සැක සහිත බවට වාර්තාද පලවනවා.