නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා විපක්ෂයට එක්වන බවත්, තමා ඒ බව ජනාධිපතිවරයාට දැන්වූ බවත් කියා සිටී.
ජනතාව වෙනුවෙන් තමා මේ තීරණයට එළඹි බවද ඔහු සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා තව මසක කාලයක් රැදෙන්නැයි තමාට කී බවත්, කෙසේවුවද තමාගේ තීරණයේ වෙනසක් නැතිබවත්, තමා ආණ්ඩුවෙන් ඉවත්වන බවද ඔහු පුවත් පතකට පවසා තිබේ.
මේ අතර තිරය යට පුවත් වාර්තා කරන්නේ මහින්ද පිලෙන් ලැබුණු කෝටි ගණනක මුදල් හමුවේ සහ යටගිය මහින්ද පාලන කාලයේ සුසන්ත සිදුකල දුෂණ වංචා පිළිබද තොරතුරු ජනගත වීමට බියෙන් මෙම තීරණය ගැනීමට අසරණව ඇති සුසන්තට සිදුව ඇති බවයි…