10 වැනිදා ඡන්ද මධ්‍යස්ථාන වලට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට බීමතින් පැමිණෙන පුද්ගලයින්ට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
එවැනි පුද්ගලයින්ට දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පතනතේ ප‍්‍රතිපාදන වලට අනුව නීතිය කි‍්‍රයාත්මක කරන බවද බීමත් පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන වලට හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන එන අපේක්ෂකයින්ට එරෙහිවද අනුබල දීමේ වරද යටතේ කටයුතු කරන අතර බීමත් පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන ඒමේ චෝදනාවට වරදකරු වන අපේක්ෂකයන්ට ආසනයක් හිමි වුවහොත් ඔවුන්ගේ එම ආසනය අහිමි වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.