ගංවතුර ආධාර ලෙස කෙසෙල්ගෙඩි කිහිපයක පාර්සලයක් සිය ඡායාරූපය හා නම ඇතුළත්කර බෙදා ඇතැයි ෆේස්බුක් සමාජ ජාලයේ පලවී ඇති ඡායාරූපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට ඊයේ (04) වාචිකව පැමිණිලි කළ බව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියයි.වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ හෙට (05) දිනයේ තමා ලිඛිතව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කරණ බවයි.
මෙය තමාට දේශ සහගත ලෙස අපහාස කිරීමට කවුරුන් හෝ සිදුකරන ලද දෙයක් බවද පැවසූ අමාත්‍යවරයා ඔහු කතාකරන මොහොතේද සිටින්නේ නෙළුව හා තවලම ප්‍රදේශයන්ට ගංවතුර ආධාර බෙදීමේ වැඩසටහනේ බවද කීය.තමා ගංවතුර ආධාර ලෙස ජනතාවට බෙදූ බඩුමල්ල රුපියල් 1,500කටත් වඩා වැඩි බවද ඔහු කීය.
තවද නම ගසා ගංවතුර ආධාර බෙදා බාල ජනප්‍රියත්වයක් ගන්නා දේශපාලඥයකු නොවන බව ගාල්ලේ ජනතාව දන්නා බවද කී හෙතෙම, ගාල්ලේ බුද්ධිමත් ජනතාවට කෙසෙල් ගෙඩි හතරක් රැගෙන ගොස් කිසිදු ජගතෙකුට ඡන්දයක් ජයගත නොහැකි බවද කියා සිටියේය.
මේ අතර CID යෙන් විශේෂ පරීක්ෂණයක් තමා අද (05)මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කරණ බවත්, ඒ ඉල්ලීමද කරනු ලබන්නේ තමාට දේශපාලඥයකු ලෙස මෙවැනි අපහාසයක් විඳදරාගත හැකිවුවත්, සමාන්‍ය පුද්ගලයතුට මෙවන්නැක් සිදුවූයේ නම් ඔහු දැඩි අපහසුතාවයට හා සිත්තැවුලට පත්වන බැවින් අදාළ තත්ත්වයන් අනාගතයේ සිදු නොවීමට බවද අමාත්‍යවරයා කීය.
[rns_reactions]