“ෆේස්බූක්” කියපු ගමන් ඔලුවට එන ඒ සමාජ ජාල සේවාව ගැන නොදන්න කෙනෙක් නැති තරම්. කෙනෙක්ට බිය ඇති කරන අඳුරු ගුහාවක්, තව කෙනෙක්ට මල් පිපුන පාරාදීසයක්, දැනුම පිරුන ආකාරයක්. එහෙමත් නැත්තන් අදහස් බෙදන වේදිකාවක් වෙන්නත් පුළුවන්.
අපි මේ කවුරුත් දන්න මුහුණු පොත නැත්තන් බුකිය ගැන නොදන්න දේවල් ටිකක් දැන ගමු.
අදින් අවුරුදු 13 කට පෙර එනම් 2004 පෙබරවාරි 4 වැනිදා මාර්ක් සකර්බර්ග්, එඩුවාඩෝ සැවරින්, ඇන්ඩෲ මැකොලම්, ඩසටින් මොස්කොවිට්ස් සහ ක‍්‍රිස් හග්ස් යන අය එකතු වී ආරම්භ කළ මෙහි වර්තමාන ප‍්‍රධානියා වන්නේ මාර්ක් සකර්බර්ග්. සාමාන්‍ය පරිශීලකයන් තමන්ගේ අන්තර්ජාල දත්ත වියදම් කරමින් මෙය භාවිත කරන අතරේ 2016 වසර වන විට ෆේස්බුක් සමාගම එ් පරිශීලකයන් බිලියන 2 හරහා ලබා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 27,638ක් වෙනවා. මේ අතරින් ශුද්ධ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10,217ක් වෙනවා. 2017 ජුනි 30 වැනිදා වෙද්දී මෙහි සේවය කළ සේවකයන්ගේ සංඛ්‍යාව 20,658ක්. ඉන්ස්ට‍්‍රග‍්‍රැම්, මෙසෙන්ජර්, වටස්ඇප්, ඔකුලස් වී.ආර් යන එ්වා මෙහි උප සමාගම් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. මෙහි මුලස්ථානය පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ මෙන්ලෝ උද්‍යානයේ ය.
කොහොම වුණත් මෙහි සාමාජික වෙන සෑම කෙනෙකුටම තමන්ගේ මුහුණේ පැහැදිලි පින්තූරයක් මෙයට දැමීමේ අවස්ථාව තිබෙනවා. මේ විදියට මුලින්ම මුහුණක් දාපු කෙනා තමයි ‘අල් පැසිනෝ’ කියන්නේ. ඔහු ඇමෙරිකානු රංගන ශිල්පියෙක්. නමුත් එ් පින්තූරය දැම්මේ ඔහු නෙවෙයි. එ්ක කළේ ෆේස්බුක් සමාගමින්මයි.
ෆේස්බුක් ලාංඡනය, ලයික් බොත්තම සහ වර්ණය
මේ ලාංඡනය නිර්මාණය කළේ මාර්ක් සකර්බර්ගේ මිතුරකු වගේම මෙහි ආරම්භයට දායාක වුණු ඇන්ඩෲ මැකලම්
ෆේස්බුක් එකේ ආරම්භකයා වගේම වර්තමාන ප‍්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙක්. ඔහුට රතු – කොළ කියන වර්ණ හොදින් පෙනෙන්නේ නැහැ. මේ නිසා ඔහුට හො`දින් පැහැදිලිව පෙනෙන නිල්, මෙහි මූලික වර්ණය ලෙස යොදාගෙන තිබෙනවා. එ් වගේම විශ්වාසය සහ සුරක්ෂිතභාවය නිරූපණය කරන්නට ලොව පුරා භාවිත වන වර්ණයක් තමයි නිල් කියන්නේ. මේ නිසා මාර්ක් සකර්බර්ගේ වර්ණ අන්ධතාවය පැත්තකින් තිබ්බත් මේ පාට ෆේස්බුක් එකේ මූලධර්ම එක්ක හොදින් ගැළපෙනවා.
ෆේස්බුක් හි කවුරුන් හෝ දමන ලද දෙයකට අපගේ කැමැත්ත පළ කරන්නේ ‘ලයික්’ (Like) බොත්තමෙන්. කොහොම වුණත් ෆේස්බුක් හි මෘදුකාංග ඉංජිනේරුවකු වූ ඇන්ඩෲ බොස්වර්ත් මෙය මුලින්ම නිර්මාණය කළේ වෙනත් නමිකින්. එය හ`දුන්වනු ලැබුණේ ‘ ඕසම්’ (Awesome) නමින්. අනෙක් මෘදුකාංග ඉංජිනේරුවන් ද මෙයට මහත් කැමැත්තක් පළ කළා. නමුත් 2007 වසරේ දී මාර්ක් සක්ර්බර්ග් එය නිෂේධ කරමින් ‘ලයික්’ බොත්තම හඳුන්වා දුන්නා. අද එය ෆේස්බුක් පරිශීලකයන් මහත් කැමැත්තකින් භාවිත කළත්, එදා මාර්ක් ගත්තු තීරණය ගැන ෆේස්බුක් ආයතනයේ බොහෝ දෙනෙක් එ් තරම් කැමැත්තක් දැක්වූයේ නැති බව ඇන්ඩෲ බොස්වර්ත් පවසනවා.
ෆේස්බුක් දත්ත සහ පරිශීලකයින් වර්ධනය
සෑම මිනිත්තු 15කටම වරකත් ෆේස්බුක් සමග එකතු වන පරිශීලක සංඛ්‍යාව 7,246ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා.
ෆේස්බුක් වෙබ් අඩවියට හැම මොහොතකම එකතු වන පින්තූර, වීඩියෝ ආදියේ ප‍්‍රමාණය මෙතෙකැයි කියා කියන්න බැහැ. එ් සියල්ල ෆේස්බුක් ආයතනයේ දත්ත සේවා පරිගණකවල තැන්පත් වෙනවා. මේ වන විට මේ පරිගණකවල තැන්පත්ව ඇති පරිශීලක දත්ත ප‍්‍රමාණය ‘පෙටාබයිට්’ 300ක් පමණ වෙනවා. පෙටාබයිට් එකක් කියන්නේ ගිගාබයිට් මිලියන 1ක ප‍්‍රමාණයක්. ලෝකයේ භාවිත වන භාෂාවන්ගෙන් වගේම පැරණි, අභාවිත භාෂාවන් පවා මෙහි අඩංගුව පවතිනවා. මේ නිසා සමස්ත මිනිස් වර්ගයාගේ විශාලතම ලේඛන එකතුව ෆේස්බුක් ලෙසත් ඇතැමුන් හඳුන්වනවා.
