බුද්ධික පතිරණද ඇතුළුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද පත්කළ අලුත් මුහුණු මෙන්න…

බුද්ධික පතිරණද ඇතුළුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද පත්කළ අලුත් මුහුණු මෙන්න…
Spread the love

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක් අද (31) පත්කරනු ලැබුවා. 

එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වු අවස්ථාවේදී මෙම පත් කිරීම් සිදු කර තිබෙනවා.

මාතර – බුද්ධික පතිරණ, මහනුවර – ලකී ජයවර්ධන, කෑගල්ල – තුසිතා විජේමාන්න, පොළොන්නරුව- සිඩ්නි ජයරත්න, රත්නපුර – ඒ.ඒ විජේතුංග සහ දුනේෂ් ගන්කන්ද, ගම්පහ -අජිත් මානප්පෙරුම දිස්ත්‍රික් මට්ටමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කෙරුණු අතර දේශපාලන මණ්ඩල සභිකයකු වන නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල ද කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කෙරුණා.