බුද්ධික පතිරණ කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලෙස දිව්රුම් දෙයි

බුද්ධික පතිරණ කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලෙස දිව්රුම් දෙයි
Spread the love
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ ඊයේ (19) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
වර්තමාන ආණ්ඩුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස රිසාඩ් බද්යුදීන් මහතා කටයුතු කරන අතර මේ අනුව ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ මහතා පත්වී ඇත.
මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධුරවල සහ තවත් දෙදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ. එම අවස්ථාවේදී බුද්ධික පතිරණ මහතා විදෙස් ගතවී සිටි බැවින් තමන්ට හිමි නියෝජ්‍ය ඇමැති ධුරයේ ඔහු ඊයේ (19) දිවුරුම් දුන්නේය.‍ෙ