බුදුරුවක් උරහිසේ පච්චකොටාගෙන ආ බ්‍රිතාන්‍ය කාන්තාවට රජයෙන් ලක්ෂ 7 ක වන්දියක් ගෙවන ලෙස ලංකාවේ උසාවියෙන් තීන්දු කරයි…

Spread the love

ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ තම උරහිසේ බුදුන්ගේ රුව සහිත පච්චයක් කොටා තිබීම හේතුවෙන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික සංචාරක කාන්තාවක් විසින් ගොනු කොට තිබු මූලික අයිතිවාසකිම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ නඩු ගාස්තු හා වන්දි වශයෙන් රුපියල් ලක්ෂ අටක මුදලක් ඇයට ගෙවන ලෙස නියෝග කෙළේය.

කටුනායක පොලිසිය විසින් 2014 දී ඇය ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු පිටුවහල් කොට ඇත.ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික නයෝමි කොල්මන් මහත්මිය ගොනුකළ පෙත්සම මගින් කටුනායක පොලිසියේ නිළධාරීන් දෙදෙනකු වගඋත්තර කරුවන් වශයෙන් නම්කොට තිබුණි.

Image result for naomi coleman

 

මෙම පෙත්සම විභාග කළ අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව තීරණය කොට රජය මගින් ඇයට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ද රුපියල් ලක්ෂ 2ක් වූ ඇයගේ නඩු ගාස්තු ද පොලිස් නිළධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් රුපියල් 50,000 බැගින් වන්දි මුදලක් ද පෙත්සම්කාරියට ගෙවන ලෙස නියෝග කෙළේය.

Related image

 

පෙත්සම්කාර නයෝමි කෝල්මන් මහත්මිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ ජේ.සී වැලිඅමුණ මහතා ද රජය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆාරින්ද රණසිංහ මහතා ද පෙනී සිටියහ.