බුදු දහමට නිගා දෙන නාට්‍ය නිෂ්පාදකයා ඉවත් කළ යුතුයි

බුදු දහමට නිගා දෙන නාට්‍ය නිෂ්පාදකයා ඉවත් කළ යුතුයි
Spread the love

සංහිඳියා කාර්යාංශය මූලිකත්වය ගෙන නිෂ්පාදනය කර ඇති බුදු දහමට නිගා වන නාට්‍යවල නම් වෙනස් කිරීමට අදාළ නිෂ්පාදකවරයා කටයුතු නොකරන්නේ නම් ඔහු එම නාට්‍යයෙන් ඉවත් කළ යුතු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (24) පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ලක්බිම මේ පිළිබඳව කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.

සංහිඳියා යන වචනයේ තේරුමත් නොදැන මෙවැනි නාට්‍ය නිපදවීම සුදුසු නැහැ. මේ වගේ නාට්‍ය නිෂ්පාදනය කරලා සංහිඳියාව ගොඩනගන්න බැහැ. ඒ නිසා මෙම නාට්‍ය වහාම නතර කළ යුතු බව ඇමැතිවරයා පැවැසීය.