බොරු රඟපෑම් සංදර්ශන නැතිව මරණ දඬුවම සරලව සුමටව ඉවත් කළ හැකි එකම ක්‍රමය මෙන්න (වීඩියෝ)

බොරු රඟපෑම් සංදර්ශන නැතිව මරණ දඬුවම සරලව සුමටව ඉවත් කළ හැකි එකම ක්‍රමය මෙන්න (වීඩියෝ)
Spread the love

ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවන ලැබූවද එය කොයි මොහොතක හෝ ක්‍රියාත්මක වේයැ’යි අනියත බියක් එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනඟා ඇත.

කෙසේ වෙතත් මේ සඳහා විවිධ කණ්ඩායම් විසින් සමාජයේ විවිධ විගඩම් ඉදිරිපත් කරමින් තිබුණද වත්මන් අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බව දැනට ප්‍රකාශ කර ඇති හෙයින් මරණ දඬුවම ඉතා පහසුවෙන් ඉවත් කළ හැකි එකම ක්‍රමය හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේය.

මෙහිදී එය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේ, රටක නීතිය ක්‍රියාත්මක වන්නේ උසාවියෙන් බවත්, එම නීති සම්පාදනය වන්නේ පාර්ලිමේන්තුවෙන් බවත් එසේ සම්පාදනය වී අද පවතින නීතිප්‍රකාරව අනුමත වුණු මරණ දඬුවමට අනුව අධිකරණය විසින් මේ වන විට 218 දෙනෙකු එල්ලා මරණ ලෙසට නියෝග කර ඇති බවත්, රටේ ජනතාවගේ ඉල්ලීමට සවන් දෙමින් මේ මොහොතේ ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ අධිකරණය ලබාදුන් එම නියෝගය ක්‍රියාත්මක කිරීම බවත්, ජනාධිපතිවරයා එය නොකර සිටීම තුල ජනතාවගේ ඉල්ලීම නොකර සිටියා යන චෝදනාත්මක ප්‍රශ්නයක් ජනාධිපතිවරයාට එල්ල වන බවත්, එම නිසා මෙයට ඇති එකම විකල්පය පවතින නීතිය වෙනස් කිරීම බවත්, ඒ සඳහා එල්ලා මරණ නීතිය ඉවත් කිරීම සඳහා රජයට යෝජනා කළ හැකි බවද, විපක්ෂ නායකතුමාට එතුමා පවසන “ඔබ්, තමාද මෙයට අකමැති බව” පවසමින් අත උස්සා එය සම්මත කරගත හැකි බවත් ඒ තුළින් මරණ දඬුවමේ එල්ලා මැරීම වෙනුවට එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත්කළ හැකි බවද විග්‍රහ කර සිටියේය.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු දරුණුම ඝනයේ අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන මරණ දඬුවම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි ඉතා පහසුවෙන් ඉවත් කරගත හැකිබව කොළඹ දිස්ත්‍රික් ශ්‍රීලනිප නායක තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.