භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් රජයේ පාර්ශ්වය මේ වන තෙක් පවත්වා නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
පවතින ආණ්ඩුව එළඹෙන 2020 වනතෙක් කිසිදු වෙනසකින් තොරව පවතින බවත් අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට තම ආණ්ඩුව සමග එකඟ විය හැකි බවත් හෙතෙම කීවේය.
අද බොහෝ දෙනා නව ආණ්ඩුව පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන පක්ෂ දෙක එකතු වී පිහිටුවා ඇති වත්මන් ආණ්ඩුව වෙනස් වන්නේ නැහැ යැයි ඇමැතිවරයා පැවැසීය.