රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම විදුලිසෝපාන ක්‍රියාකරුගේ කොලරයෙන් ඇද පොලිස්පතිවරයා පහරදීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය වසරේ මාධ්‍යයට නිකුත් විය. ඒ ගැන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ පොලිස්පතිගේ චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකිරීම නිසා එම සිදුවීම වූ බවයි. පොලිස්පතිවරයා ඔහුට බැණ වැදුණු නමුත් ඔහුට පහරදීමට උත්සාහ නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මෙම සිදුවීම ගැන එම විදුලිසෝපාන ක්‍රියාකරු මුලින්ම රහස් පොලිසියේ ප්‍රධානීන්ට පැමිණිල්ලක් කර තිබුණු අතර ඉන් විමර්ශනයක් සිදු නොවීම නිසා පොලිස් කොමිසමට ද පැමිණිල්ලක් කර තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද සාධාරණයක් ඉටු නොවුණ නිසා තමාට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
එම පැමිණිල්ලේ පිටපත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ට ද යොමු කර ඇති අතර මෙම සිදුවීම නිසා තමන් දැඩි සිත්තැවුලට පත්වූ බවත්, දැඩි සිත්තැවුලෙන්ම පසුගිය ඔක්තෝබර මාසයේ විශ්‍රාම ගිය බවත් ඔහු යොමු කළ ලිපියේ සඳහන්වේ.
භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි
