2017 වසරේ දිවයිනේ පාසල් රැසක තරඟකරුවන් අභිබවා යමින් සිංහල භාෂාව හා සාහිත්‍ය තරඟාවලියකදී සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය හිමිකරගත් පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ කසුනි දේශානි නම් දියණියකගේ රන් පදක්කම සහ ඇයගේ සියළු සහතික පසුගිය 29 වන දින කිසියම් පිරිසක් විසින් සොකම් කර තිබුනා.
පාසලට ඉමහත් ගෞරවයක් එක්කර දුන් මෙම සම්මාන සහ සහතික පත්‍ර පාසලේ ආරක්ෂක කැබිනට්ටුවක තිබියදී මෙම පිරිස විසින් සොරා ගෙන තිබෙන්නේ. පාසලට ඇතුලත් වූ මෙම කණ්ඩායම පාසලේ වහලයේ උළු ඉවත් කරමින් පසුව සිවිලමද කඩා පාසල් ප්‍රධාන කාර්යාලයට ඇතුලත් වී තිබෙනවා. එහිදී කාර්යාලයේ තිබූ සියළුම කබඩ්වල ඉබි යතුරු කඩා දමා මෙම පදක්කම් සහ පාසලේ තිබූ රුපියල් 4000 ක පමණ මුදලක්ද රැගෙන ගොස් ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
තම සහජ කුසලතාවයෙන් පාසලට විශාල ජයග්රහන තොගයක් අත්කර දුන් මෙම දැරියගේ කතාවනම් ටිකක් සංවේදියි. තමන්ට අහිමි වුන දේ ගැන ඇය කිවුවෙ මේ විදියට.
මගේ තාත්තා පොල් ලෙලි ගහලා තමයි මාව පාසල් යවන්නෙ. එහෙම තත්වයක් තුල තමයි මම මේ ජයග්‍රහනය ලැබුවෙ. මේ ජයග්‍රහනය මටයි පාසලටයි ගොඩක් වැදගත්. කවුරු හරි කාත් එක්ක හරි තරහකට මේ දේ කරානම් අනේ ඔයාලට වැඩක් නැහැ. අනික ඒවා රත්තරං වලින් හදපු ඒවත් නෙමෙයි. ඒ හින්දා කරැණාකරලා මට ඒවා ගෙනත් දෙන්න නැත්තම් පාසලට ගෙනත් දාන්න.
එසේම මේ සිදු වීම නිසා පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුමණ්ඩලයද දැඩි ලෙස කම්පාවට පත්ව සිටින අතර මෙම දැරියගේ මානසික මට්ටම යහපත් තත්වයේ තබා ගැනීම සඳහා ගුරුවරුන් දැඩි කැපවීමකින් ක්‍රියා කරන බවද සඳහන් වෙනවා.
[rns_reactions]

