මගේ තැන මලික්ට දීපු රනිල්ට අමුණගන්න කියන්න – මල පැනපු එස්.බි කියපු කතාව මෙන්න..

මගේ තැන මලික්ට දීපු රනිල්ට අමුණගන්න කියන්න – මල පැනපු එස්.බි කියපු කතාව මෙන්න..
Spread the love

තමා දැරූ අමාත්‍යංශය මේවන විට එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්‍රමට පිරිනමා තිබීම සම්බන්ධයෙන් තමාට දුකක් දැනෙන බව පසුගිය දා සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ගැටළුවකට පිළිතුරු ලබා දෙමින්.

එම අමාත්‍යංශය තමා විසින් තැනූ එකක් නිසා එලෙස දුකක් දැනෙන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම එය තැනුවේ බොහොම විද්‍යාත්මකව බවත් එය මහාමාර්ගයට උසස් අධ්‍යාපනය අැමිණුවා වැනි හෝ විදේශ කටයුතුවලට ලොතරැයිය ඇමිණුවා වැන්නක් නොවන බවත් ඔහු පවසා සිටියා.