රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සිය පුත‍්‍රයා පිළිබදව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අද (09) අදහස් පළ කළා. ඒ, ආණමඩුව ප‍්‍රදේශයේදී පැවති උත්සවයකට එක්වෙමින්.
ව්‍යාපාරික හමුවක් සඳහා තමා විසින් පුත්‍රයාව පිටත් කර යැවු බවත් ඔහු එයට සහභාගිවී යලි නිවස කරා එමින් සිටියදී හදිසි රිය අනතුරකට ලක්වූ බව ඇමතිවරයා කියා සිටියා. එමෙන්ම ඔහුගේ රිය තුල තිබී විදේශීය මත්පැන් බෝතලයක් හමුවූ බවත් එය මාධ්‍ය විසින් ප්‍රචාරය කළ අතර නමුත් එම බෝතලය තුල තිබුනේ මත්පැන් නොව ඔහු වතුර බවත් අවසානයේදී සිදුවුයේ තමන්ට බැනුම් ඇසීමට බව ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.
මෙම අනතුර ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මංසන්ධියේදී සිදුවූ අතර අදාළ කැබ් රථය පදවා ඇත්තේද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා විසින්. ඔහු බීමතින් සිට ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. අත්අඩංගුවට ගැණුනු ඔහුගේ පුත‍්‍රයා ලබන 12 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහු මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් රැකවල් මධ්‍යයේ ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

