මට නැවුනට වැඩක් නෑ.. මහින්දග‍ේ දෝස්මුරයත් සමගින් පවිත්‍රා රත්නපුරෙන් දොට්ට විසිවෙන ලකුණු..

මට නැවුනට වැඩක් නෑ.. මහින්දග‍ේ දෝස්මුරයත් සමගින් පවිත්‍රා රත්නපුරෙන් දොට්ට විසිවෙන ලකුණු..
Spread the love

ඒකාබද්ද විපක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායකත්වය වෙනත් ප්‍රභලයෙකුට ලබා දීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

රත්නපුර මහ නරග සභාවට නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී මූලික එකගතා කඩ කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාගෙන තම නියෝජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට එල්ල වී ඇති විරෝධතාවක් හේතුවෙන් මෙම තීන්දුව ගනු ඇතැයි සදහන්ය.

දිස්ත‍්‍රික්කයේ තවත් පළාත් පාලන ආයතන කිහිපයකම මේ ආකාරයේ කටයුතු සිදුව ඇති බව එම දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන නියෝජිතයන් හිටපු ජනාධිපතිවරයාට දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වන්නිආරච්චි මහත්මිය කැදවා අවවාද කර ඇති බවත් වාර්තා වෙයි..