තමන් නියෝජ්‍ය නායක ධුරයෙන් හො වැඩි බලතල ලබා දීම තුලින් සෑහීමකට පත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
තමන් සැනසීමට නම් ජනතා පැතුම ඉෂ්ඨ කල යුතු යයිද ඔහු සදහන් කරයි.
තමනට ලැබෙන තනතුරු තානාත්තර වලින් තමන් තෘප්තියක් නොලබන බවත් එම නම්බු නාම තනතුරු සියල්ල ජනතාව විසින් එක පෑන් පහරින් අවසන් කරනු ඇති බවත් ඔහු කියා සිටී.
ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පල කරන ලද්දේ නියෝජ්‍ය නායතකයාට වැඩි බලතල දෙන්නේ යයි එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයකින් පසුව වීම විශේෂත්වයකි.

