මඩකලපුව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් වෙනුවෙන් ගුරුපත්වීම් ලබාදීමේ උත්සවය (3) ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවෙදී පැවැත්විණ.එම උත්සවය නිමවී ගරු ජනාධිපතිතුමා පැමිණියේ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයටය.
කොටි ත්‍රස්තවාදය සමයේදී මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට තිබු වටිනා පන්සලක් ලෙස මංගලාරාම විහාරස්ථානය හැදින්විය හැකිය.පසුව 2014 දී එම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි සිදුවීමක් නිසා මෙම මංගලාරාම විහාරස්ථානය කෙරෙහි ජනතාවගේ දැඩි අවධානයක් යොමුවිය.එවකට විදුලි බල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සෘජුවම බැන වැදුන විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ කියා සිටියේ මඩකලපුවට තිබෙන එකම පන්සලේ විදුලිය කැපීමට එවකට රජය ක්‍රියා කල බවය.
පසුව එවකට රජය විසින් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේට නොයෙකුත් චෝදනා එල්ල කලේ ද්වේශ සහගත ලෙසය.පසුව මඩකලපුවේ ඇති වූ තවත් සිදුවීමක් හේතුවෙන් එවකට අමාත්‍යවරයෙකු හා කොටි හිටපු නායකයෙකු වූ කරුණා අම්මාන් ලගද ඉතා අසරණ වීමට විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේට සිදුවිය.
පසුව වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව එම පන්සල උපයෝගී කරගනිමින් ජාතිවාදය වැපිරීමට නොයෙකුත් දෙනා උත්සහ කලත් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ ඒ සදහා ඉඩ ලබා නොදුන්නය.මඩකලපුවේ වෙසෙන සිංහල බෞද්ධ ජනතාවට පමණක් නොව අනෙකුත් ජාතීන්ටද මහත් අස්වැසිල්ලක් වූ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයටය ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණීම විහාරාධිපති හිමියන්ට මහත් සතුටක් ගෙන දුන්නේය.ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක්ද විමසීය.