මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ඡන්දය දෙන්න එපා – ජනපති

මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ඡන්දය දෙන්න එපා – ජනපති
Spread the love

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කිසිවෙකුට ඡන්දය ලබා නොදෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මැතිවරණය සහා ඉදිරිපත්ව ඇති සියලූම කාන්තා අපේක්ෂයන් සමග මත්ද්‍රව්‍ය මර්දනය සහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

රටේ ස්වභාවික සම්පත් රැකගනිමින් පරිසරය සුරැකීම සහා උගත් තරුණ පිරිසගේ දායකත්වය ද ලබා ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

පොළොන්නරුව පළුගස්දමන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.