පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු 225 දෙනාම අත්සන් කර ඉල්ලීමක් කළත් අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදෙන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එජාපෙ නායකයන් හමුවේ ඊයේ (03) කර ඇත.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාත් එජාප නායකයනුත් අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන ලෙස එජාපෙ නායකයන් මෙහිදී දැඩි ඉල්ලීමක් කළ ද අගමැති ධුරය ලබා දෙන්නේ තමන් කැමති අයකුට පමණක් බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
එක්සත් ජාතික පෙරමුණ නියෝජිතයන් එහිදී නීතිමය තත්ත්වය පිළිබඳව කරුණු ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අගමැතිවරයා හා ඇමැති මණ්ඩලයට එරෙහිව අතුරු තහනම් නියෝග මිසක් එම තනතුරු අහෝසි කරන ලෙස අධිකරණය නියෝගයක් ලබාදී නැති බවයි.
ජනාධිපතිවරයාත් එක්සත් ජාතික පෙරමුණේ නායකයනුත් අතර පැවැති මෙම සාකච්ඡාව විනාඩි 45 ක් පමණ පැවැත්වූ බවත් මේ අනුව එම සාකච්ඡාව අසාර්ථක වූ බවත් එජාපෙ නායකයෝ ප්‍රකාශ කළහ.
ලක්ෂමන් කිරිඇල්ල, රාවුµa හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරු ඇතුළු එජාපෙ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.