මන්නාරම මහ රෝහලට VOG කෙනෙක් ඉල්ලා ගැබිණි මවුවරුන් පාරට බසියි

මන්නාරම මහ රෝහලට VOG කෙනෙක් ඉල්ලා ගැබිණි මවුවරුන් පාරට බසියි
Spread the love

‍මන්නාරම මහ රෝහලේ සේවය කළ ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයා මාස පහකට ඉහතදී ස්ථානමාරුවී ගියද මෙතෙක්  විශේෂඥ්‍ය වෛද්‍යවරයකු ලබාදීමට කටයුතු නොකර ඇති බැවින්  ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ඉල්ලා ඊයේ (8) ගැබිණි මව්වරුන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවි විරෝධතාවක නිරතවූහ.

විරෝධතාවයේ නිරත ගැබිණි මව්වරුන් පවසා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් මව්වරුන්ට උපදෙස් ලබාදෙන්නේ වවුනියාව හෝ යාපනය රෝහල් වෙත ගොස් විශේෂඥ්‍ය වෛද්‍යවරයාගේ පරීක්ෂා කිරීම් සිදුකරගෙන් එන ලෙසත්ය. එසේෙ කිලෝමීටර 60 හෝ 70 ක් තමන් බස්රථ වලින් යාපනය, වවුනියාව රෝහල් සඳහා පැමිණිය යුතු බවත් එය ගැබිණි මව්වරුන්ට දැඩි අපහසුතාවක් බවද විරෝධතාවයේ නිරතවූවන් සඳහන් කරති.