වෛද්‍ය පීඨයක් නොමැතිව ඉන්දියානු මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව පවතී. 2017 පෙබරවාරි 14 දින උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාකල් ඉල්ලා තිබුණි.
පසුගිය දා පැවති කැබිනට් රැස්වීමේ දී ඊට අනුමැතිය ලැබී ඇති අතර මෙම විශ්වවිද්‍යාලය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ අක්කර සියයක භූමියක් වෙන් කිරීමට නියමිතය.
පෞද්ගලික ආයෝජකයන්ට ලංකාවේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජන අවස්ථා සලසා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. එහි තොරතුරු තාක්ෂණය, කළමනාකරණය සහ ඉංජිනේරු විෂයන්ට අදාළ උපාධි හැදෑරීමට අවස්ථාව සලසා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 75 ක ආයෝජනයකින් ඇරඹෙන මෙම ව්‍යාපෘතිය සඳහා වෛද්‍ය පීඨයක් ඇතුළත් කර නැත්තේ දැනට පවතින සයිටම් විරෝධය නිසා වුව ද විශ්වවිද්‍යාලය ආරම්භ වීමෙන් පසුව එවැන්නක් ස්ථාපිත කිරීම සිදු කෙරේද යන්න පැහැදිලි නැත.
[rns_reactions]

