මේ වන විටත් දුම්රිය වැඩවර්ජනයක් සිදු කෙරෙන බැවින් අද (12) ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට මුහුණ දීමට සිදු විය හැකි ප‍්‍රවාහන දුෂ්කරතා මගහරවා ගැනීමට ඔබට ද ශක්තියක් විය හැකියි.
ඒ අනුව, ඔබ රාජකාරී කටයුත්තක් හෝ වෙනත් කටයුත්තක් සඳහා පෞද්ගලික වාහනයකින් ගමන් කරන්නේනම් හැකියාව ඇති පරිදී එම වාහනයෙන්ම සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට ද සහාය වන ලෙස අපි යෝජනා කරනවා.
ඔබේ අසල්වාසීන් වන සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට මෙන්ම පොදු ප‍්‍රවාහන සේවාවක් අපේක්ෂාවෙන් මහ මග බලා සිටින සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට ද ඔබට මෙලෙස සහාය විය හැකියි.
[rns_reactions]