මමත්වය හා අහංකාරය දුරු වේවා – ජනපති මෛත්‍රී ශිව රාත්‍රී පණිවිඩයෙන් කියයි..

මමත්වය හා අහංකාරය දුරු වේවා – ජනපති මෛත්‍රී ශිව රාත්‍රී පණිවිඩයෙන් කියයි..
Spread the love

මිනිසා තුළ නිධන්ගතව ඇති  මමත්වය හා අහංකාරය දුරු වේවායි යන ප්‍රාර්ථනයෙන් යුක්තව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමස්ථ ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවාස සීලය සමාදන් වන්නා වූ මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබෙනවා.

මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමටද එවැනි වත් පිළිවෙත් හේතුවක් වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අද මහා ශිව රාති‍්‍රය සමරන හින්දු භක්තිකයන් සියළු දෙනාට සුභාශිංසන පළ කරන බවද මෙම නිවේදනයේ දැක්වෙනවා. 

(එම නිවේදනය පහතින්)