ඔන්න අපි අද, මේ දවස් වල පුංචි තිරයෙ සහ රිදී තිරයෙ ඒත් එක්කම බොලිවුඩ් සිනමාවෙත් කැපී පෙනුන ලාංකික කලාකාරිණියක් එක්ක එයා ගැන කතා කරන්න හිතුවා.තවත් කියනවනම් කලාකාරිණියක් කිව්වාම මෙයා රංගන ශිල්පිණියක් විතරක්ම නෙමෙයි ලාංකීය කලා පරපුරට නව සංගීත පරපුරක් බිහිකරන ආචාර්ය්‍ය වරියක් කියලත් හදුන්වන්න පුළුවං.. ඉතිං වැඩි වර්ණනා ඕන නෑනෙ ඒ වෙන කවුරුත් නෙමේ ඒ තමයි ගයා ක්‍රිෂානි… ගයා ක්‍රිෂානි අපිට එයා ගැන කිව්වෙ මෙන්න මෙහෙමයි…
කොහොමද මේ දවස් වල – ම් … හෙඳින් ඉන්නවා.අලුත් ටෙලිනාට්‍යකට සමබන්ධ වෙලා ඉන්නවා දන්කුඩ බන්ඩා කයල ඒකෙ ෂූටිං වලට යනවා තවත් ටෙලි නාට්‍යකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
ගයා ක්‍රිශානිව අපි දැකල තියෙන්නෙ සහය නිළියගේ චරිතයෙන් – ඔව් තාම ප්‍රධාන චරියක් නම් ලැබුනෙ නෑ … ඒත් උප ප්‍රධාන නළියගෙ චරිත නම් ලැබිල තියෙනව.
ඒකට හේතුව ගයා ක්‍රිශානිට ක්ෂේත්‍රය තුල කැපිලි හින්ද කිව්වොත් – මම දන්න තරමින් මට එහෙම කැපිලි මොකුත් නෑ…ඒකෙ මෙහෙම දෙයක් තියෙනවා ප්‍රධාන චරිතයක් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕන. සාමාන්‍යයෙන් මුලින් එක ඩ්‍රාම එකක ප්‍රධාන චරිතෙට හිටපු කෙනාව තමයි අනිත් ඩ්‍රාම වලත් ප්‍රධාන චරියට ගන්නෙ.මොකක් නිසාද දන්නෙ නෑ මට ලැබුනෙ සෙසු චරිත ඒත් ඒ හැම චරිතයක්ම කතාවෙ හොඳින් ඉස්මතු වෙලා පෙනෙන චරිත ඒ නිසා මං සෑහීමකට පත්වෙනවා.
අපි දන්නවා ඔබ දක්ෂ රංගන ශිල්පිනියක්.ඒත් ඔබ කියන්නෙෙ දක්ෂතාවය විතරක් මදි වාසනාවත් තියෙන්න ඕන කියලද? අනිවාර්යෙන්ම දක්ෂතාවය විතරක් තිබුනට මදි වාසනාවත් තියෙන්න ඕන.දක්ෂතා තියෙන කීයෙන් කී දෙනාටද අවස්ථා හම්බවෙන්නෙ.මම ගැන කියනවනම් මට හිතෙන්නෙ මටත් ඒ වගේ මගෙ දක්සෂතා පෙන්වන්න තාම හරිහමන් අවස්ථාවක් ලැබුනෙ නෑ කියලයි.
ගයා ක්‍රිෂානි කලාවට අවතීරණය වෙලා දැන් කොච්චර කල්ද? වසර 15ක් විතර වෙනවා මට එක දිගටම රංගන කටයුතු වලට සම්බන්ධ වෙන්න බැරි වුනා ඒ මම සංගීත කටයුතු වලටත් සම්බන්ධ වෙලා හිටපු නිසා.
ඒ කියන්නෙ රංගන ශිල්පිණියකට අමතරව ගයා ක්‍රිශානි කියන්නෙ හොඳ සංගීත වේදිනියක් – ඔව් ඇත්තටම එහෙම කිව්වොත් හරි මොකද මම වැඩිපුරම මහන්සි වුනේ සංගීත් නිපුන් විභාගයටයි. ඒ විභාගය ඉහලන්ම සමත් වෙලා තමයි මම ගිය ජනවාරි වල ලංකාවට ආවෙ.මම හිතන විදිහට සංගීත් නිපුුන් විභාගය ජයගත්තු ක්ෂේත්‍රයේ ඉන්න එකම රංගන ශිල්පිණිය මම වෙන්න ඕන.
සිනමාව ගැන මොකද කියන්නේ – මම සිනමා නිර්මාන පහකට වගේ දැනට සම්බන්ධ වෙලා තියෙනවා ඊට අමතරව බොලිවුඩ් නිර්මානයකටත් දායක වුනා රන්වීර් කපූර් එක්ක බොම්බේ වෙල්වට් කියල ඒ වගේම මේ අවුරුද්දෙ රිලීස් වෙන්න තියෙන හිතුවක්කාර කියල ෆිල්ම් එකටත් දායක වුණා.
ඉතිං කියන්න ගයාගෙ පවුල් ජීවිතේ ගැන විස්තර ටිකක් – මට බබාල දෙන්නෙක් ඉන්නවා. මට මගෙ මහත්තයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව මගෙ කලා කටයුතු වලට සමහර වෙලාවට වැඩ ගොඩක් තියෙද්දි ඒ තියෙන පීඩනය නිසා මට කම්මැලි හිතුනම එයා තමයි මාව උනන්දු කරන්නෙ නෑ ඔයා කරන්න ඔයාට පුළුවං කියල.
රංගනය විතරද එතකොට වෘත්තියක් විදිහට කරන්නෙ – නෑ මගෙ සංගීත ඇකඩමියක් තියෙනවා ඒකෙදි මම විශාරද විභාගය වෙනකල් ළමයින්ට සංගීතය උගන්වනව.ඒ අතර රඟපෑමේ කටයුතු වලත් යෙදිල ඉන්නවා ඉතිං.
අද ලංකාවෙ කලා ක්ෂේත්‍රයේ සාධාරණියත්වය ගැන ඔබ සතුටුයිද ? – ඇත්තම කියනවනම් ක්ෂේත්‍රය ගැන කලකිරීමක් තියෙනවා.මම හිතන විදිහට ලංකාවෙ දක්ෂයාට වඩා තැන තියෙන්නෙ ඇඳුනුම් කම් මත හා වෙන වෙන දේවල් මත ඊටත් වඩා ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ මුදල් මත තීරණය වෙන එක.ඒ කිව්වෙ ලොකු මුදලක් දීල දක්ෂයෙක් අරගෙන වැඩ කරනවට වඩා පොඩි මුදලකට ඉන්න කෙනෙක්ව අරගෙන මොකක් හරි නිර්මාණයක් එළියට දාන ප්‍රවනතාව වැඩි වෙලා තියෙනව.ඒකෙන් වෙන්නෙ ක්ෂේත්‍රය පරිහානියට පත්වෙන එකයි.
ඒ කියෙන්නෙ ගයා ක්‍රිශානිට තක්සේරුවක් තියෙනවා – ඔව් මම වැඩ කරන ගානක් තියෙනවා ඒ ගානට ආවොත් විතරයි මම භාරගන්නෙ
ටෙලි නාටයක් හෝ චිත්‍රපටියක් භාරගද්දි තොරා බේරාගෙනද භාරගන්නෙ – අනිවාර්යෙන්ම ඔව් සිනමාවෙදි නම් මුළු පිටපතම බලල තමයි භාර ගන්නෙ.ඒත් ටෙලිනාට්‍ය වල විශේෂයෙන්ම දැන් තියෙන මොගා නාට්‍ය වල අපිට පිටපත හම්බෙන්නෙ සෙට් එකට ගියහමයි.ඒත් චරිතය භාර ගන්න කලින් ඒ චරිතයේ ස්භාවය මොන වගේ එකක්ද කියල හරියට දැනගෙන තමයි භාරගන්නෙ
ගායා ක්‍රිෂානාගෙ ගම කොහෙද? මගෙ උපන් ගම රත්තපුරේ ඒත් රත්නපුරේ ඉඳල නෑ පෙඩි කාලෙ ඉඳන්ම අවිස්සාවේල්ලෙ තමයි හිටියේ.
නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොනාද කරන්නෙ – වැඩිපුරම කරන්නෙ සිංදු අහන එක තමයි… ඊට අමතරව ඔය මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරනවා.. ඒ වගේ මොකක් හරි සංගීත වැඩක් තමයි ඉතිං
ගිය අවුරුද්ද කොහොමද? මට පුද්ගලිකව ඉතාම සුභ විදිහට ගෙවුන අවුරුද්දක් කියල හිතන්න පුළුවං මොකද මම සංගීත් නිපුන් විභාගයෙන් ඉතාමත් විශිෂ්ඨ ලෙස සමත් වුනා ඒක මං දැකපු හීනයක් සැබෑ වුනා කියල කියන්න පුළුවං… හැබැයි ඒ නිසා මට ලංකාවෙ වැඩිය ඉන්න හම්බුනේ නැති නිසා වැඩිය රංගන කටයුතු වල යෙදෙන්න වුනේ නෑ
2018 මොනවද කරන්න හිතන් ඉන්නෙ? මේ අවුරුද්දෙ වැඩිපුරම බර දෙන්නෙ මගෙ සංගීත ඇකඩමිය දියණු කරන්න තමයි ඊට අමතරව හොඳ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා
ගයා ක්‍රිශානි දේශාලනය දකින්නෙ කොයි විදිහටද? මම දේශපාලනට කිසිම කැමැත්තක් නෑ..
එතකොට දැන් මේ පවතින ආර්ථිකමය සමාජීය තත්වයන් ඔබට ගැටළුවක් නැද්ද? තියෙනව ඒත් ඒක මේ ආණ්ඩුව හෝ පහුගිය ආණ්ඩුව කියල වෙනසක් නෑනෙ කොයි ආණ්ඩුව ආවත් ඒ පොදු ප්‍රශ්න ටික වෙනස් වෙන්නෙ නෑනෙ
පසුගිය දිනවල අපි දැක්කා කලාකරුවන් දේශපාලන වේදිකාවල නොයෙක් අදහස් දරනවා ඔබ ඒ සම්බන්ධයෙන් කොතනද ඉන්නෙ – ඔව් මටත් ලොකු ලොකු ආරාධනා ගෙඩක් ආව ඒත් මම ඒ කිසිම දේකට සම්බන්ධ වුනේ නෑ
හරි අපි හිතමු අහම්බෙන් හරි ගයා ක්‍රිෂානි මේ ජනාධිපති වෙනවා … එතකොට – ම් … එහෙම උනොත් මම කරන්නෙ අපේ රටේ තියෙන මූලිකම ප්‍රශ්නය වන ජීවන වියදම අඩු කරන එක.. එතෙන්දි භාණ්ඩ හා සේවා වලට අපි ගෙවන මුදලට සරිලන වැටුපක් එහෙමත් නැත්නම් ගෙවීමක් සෑම වැඩ කරන පුද්ගලයෙකුටම ලැබෙන්න සැලැස්වීම තමයි මගෙ මූලිකම අභිප්‍රාය වෙන්නෙ.
ගයා ක්‍රිෂානිට ගයා ක්‍රිෂානිගෙ ප්‍රේක්ෂයින්ට මොවෙද කියන්න තියෙන්නෙ? මගෙ අලුත් ටෙලි ඩ්‍රාම දෙකක් එන්න තියෙනවා තව චිත්‍රපටියකුත් එන්න තියෙනවා ඉතිං ඒව බලල මගෙ අඩුපාඩු තියෙනවද මගෙ රඟපෑම හොදඳ කියල මට කියන්න කියල තමයි කියන්න තියෙන්නෙ ඊට වඩා විශේෂයෙන්ම කියන්න ඕන මගෙ රසිකයින්ට මම ගොඩක් ආදරෙයි ඒ හැමෝටම සුභ අනාගතයක් වේවා කියල පතනවා…