ඇෆ්ගන් මුල්ලා වියරුවට අභියෝග කරන ‘ගීත කෝකිලාවිය ඇයයි’

ඇෆ්ගන් මුලධර්මවාදීන්ගේ කෝපය අවුස්සා දමමින් ඇය වතාවක් පැරිස් නුවර දී පවත්වනු ලැබූ සංගීත ප්රසංගයේදී හැඳ සිටි පිරිමින්ගේ මනස කිතිකැවූ ඇඳුමක්. එය ඇගේ සමේ පැහැයෙන්ම යුතු සිරුරට ඇලුණු ඇඳුමක් වුණා. සැබැවින්ම ඈතට දිස්වූයේ නිරුවත් ගැහැනියක වේදිකාවේ ගී ගයන ආකාරයක්ග මේ සිදුවීම ඇෆ්ගනිස්තානය උණුසුම් කළා.
මට ඕන කළේ තලිබන් ඝාතකයන් එල්ලා දමන්නට ලැයිස්තු හදන අපේ රටේ අසරණ මිනිස්සුන්ගේ මුහුණට සිනා පොදක් ගෙන දීමටයි. මුස්ලිම් අන්තවාදීන් මගේ සංගීත ප්‍රසංගය එළිමහන් ක්‍රීඩාංගණයේ පවත්වන්න තහනම් කරනවා. මගේ සින්දු අහන්න යන්න එපා කියලා මිනිස්සුන්ට තර්ජන කරනවා. ඒත් මං එයාලට කියනවා මට ඕනෙ නම් මහ පාරේ වුණත් මං සින්දු කියනවා. මේ අන්තවාදින් අපේ රටේ මිනිස්සුන්ගේ භයානක හතුරෝ. එයාලා ප්‍රීතිමත්බවේ හතුරෝ’
හඬේ ප්‍රබලත්වය අනුව පේන්නේ මේ කතා කරන්නේ මහා නිර්භීත, රණශූර පිරිමියෙක්.
ඒත් ඒක එහෙම නෙමෙයි. මේ හඬ ඇෆ්ගනිස්ථානයේ තරුණ කතකගේ. ඇය නමින් ‘අර්යානා සයීඩ්’ ඇෆ්ගනිස්තානයෙන් බිහිවූ පළමු ‘හිප් හෝප්’ සහ ‘පොප් ගායිකාව’ ඇයයි.
මේ ඇය ගැන කතාවයි.
34 හැවිරිදි මේ ඇෆ්ගන් පොප් ගී තරුව කවුරුත් හඳුන්වන්නේ ‘මරණය අතේ අරන් ගී ගයන ඇෆ්ගනිස්තානයේ විප්ලවීය ගායිකාව’ කියලයි.
අර්යානා මේ වන විට ජීවත් වෙන්නේ ලන්ඩනයේ. ඇය සහ ඇගේ පවුලේ උදවිය උපන් බිම හැරදා ස්විස්ටර්ලන්තයට පළා යන විට ඇයට අවුරුදු 08යි.
ඇෆ්ගනිස්තානයේ වඩාත්ම ජනප්‍රිය ගායිකාව ඇය වුණත් ඉස්ලාම් අන්තවාදයේ සිරකාරියන් බවට පත්වූ දහස් සංඛ්යාතත කාන්තාවන් ජීවත්වන ඇෆ්ගනිස්තානයේ ගී ගැයිමට ඇයට සිදු වී ඇත්තේ කොයි මොහොතේ වෙඩි පහරකට ලක්වේදැයි අවිනිශ්චිත පසුබිමකදියි.

ඒත් අද ලන්ඩනයේ ජීවත්වෙන අර්යානා ගී ගයනු ඇසීමට දහස් සංඛ්‍යාත ඉංග්‍රීසි රසික රසිකාවියන් එක්රොක් වන්නේ ඇගේ නිර්භිත බව ඉහළට ඔසවා තබමිනුයි.
ඇෆ්ගනිස්තානයේ වඩාත්ම ජනප්‍රිය ගායිකාව ඇය වුණත් ඉස්ලාම් අන්තවාදයේ සිරකාරියන් බවට පත්වූ දහස් සංඛ්යාතත කාන්තාවන් ජීවත්වන ඇෆ්ගනිස්තානයේ ගී ගැයිමට ඇයට සිදු වී ඇත්තේ කොයි මොහොතේ වෙඩි පහරකට ලක්වේදැයි අවිනිශ්චිත පසුබිමකදියි.
මරණ තර්ජන කොතෙක් එල්ල වුණත් ඇය සෑම වසරකම ඇෆ්ගන් නිදහස් දිනයදා ගී ගැයීමට මවුබිමට පැමිණීම පුරුද්දක් කරගත්තා.
මේ අසරණ මිනිස්සුන් ඝාතනය කරන තලිබාන් ත්රස්තයන්ට එරෙහිව සටන් කරන්නේ නැතිව ඇයි එයාලා මගේ පස්සේ හඹා එන්නේ ? මම සාමාන්‍ය ගායිකාවක් විතරයි
‘මුල්ලා තමයි අපේ රටේ මිනිස්සුන්ගේ සතුට නැති කරන්නේ. එයාට ඕනේ අපේ රටේ ගැහැනු හැමදාම කුස්සිය මුල්ලේ ඉන්නවා දකින්නයි. ඇයි එයාලා මට බයවෙන්නේ. මේ අසරණ මිනිස්සුන් ඝාතනය කරන තලිබාන් ත්රස්තයන්ට එරෙහිව සටන් කරන්නේ නැතිව ඇයි එයාලා මගේ පස්සේ හඹා එන්නේ ? මම සාමාන්‍ය ගායිකාවක් විතරයි’ ඇය කියනවා.
කියනවා විතරක් නෙමෙයි ඇය ඒ දේ කරලා පෙන්වනවා.
මුස්ලිම් කාන්තාවන්ට අඟපසඟ කැපී පෙනෙන ඇඳුම් නිවෙසේ බිත්ති හතරට සීමා වූවක්. ඒත් සම්ප්‍රදායට පයින් ගැසූ අර්යානා එවැනි බටහිර මෝස්තරවලින් හැඩ වැඩ වූවා පමණක් නොව අවුරුදු ගණනාවක් තිස්සේ එවැනි ඇඳුම්වලින් සැරසී ප්‍රසිද්ධියේ ගී ගැයීමෙන් අඩුවැඩි නැතිව ජනතාව පිනවීමට ක්‍රියා කළා.
මරණ තර්ජන නිසා සැහෙන කාලයක් ඇෆ්ගනිස්තානට පා නොතැබුවත් අර්යානා කියන්නේ මුළු ඇෆ්ගන් කාන්තා පරපුර අතර ආදරය දිනාගත් වීරවරියක්. ඔවුන්ට කළ නොහැකි සම්ප්රදාය අබිබවා යෑම මේ හිතුවක්කාර යුවතිය කිසි අපහසුවකින් තොරව සිදු කළා.

‘හැම ඇෆ්ගන් කාන්තාවක්ම කියන්නේ එයාලා අයිතිවාසිකම් දිනාගන්න සටන් කරනවා කියලයි. ඒත් මහන්සි දැනුණම වැඩේ අමාරුයි කියලා දැනුණම ඒ සටන නතර කරනවා. මම එයාලාට කියනවා අර්යානා සයීඩ්ට කවදාවත් මහන්සි දැනෙන්නේ නෑ කියලා. මම නැවත නැවතත් ඇෆ්ගනිස්තානයට එන්නේ අපි ගැහැනුන් වුණත් තවදුරටත් ඔයාලට නම් බයවෙන්නෙ නෑ කියලා මුල්ලාවරුන්ට පෙන්වන්නයි’ ඇය අභියෝගාත්මකව කියනවා.
ඇෆ්ගන් නිවාසවල මුළුතැන්ගෙට සීමාවූ, මුළු සිරුරම වැසෙන අන්දමේ කළු කබායෙන් සැරසුණු සම්ප්‍රදායික මුස්ලිම් ගැහැනුන්ගේ නිදහසේ වීරවරිය ඇයයි.
අර්යානාගේ ගීත එරටේ ඉස්ලාම් සම්ප්රදාය අනුමත නොකරන බොහෝ ඇෆ්ගන් ජාතිකයන්ගේ විසිත්ත කාමරවල නිතර නිතර ඇසෙනවා. එක අතකින් කියනවානම් එය ඇය හදිස්සියේම අත්පත් කරගත් ජනප්‍රියත්වයක්. ඇෆ්ගන් නිවාසවල මුළුතැන්ගෙට සීමාවූ, මුළු සිරුරම වැසෙන අන්දමේ කළු කබායෙන් සැරසුණු සම්ප්‍රදායික මුස්ලිම් ගැහැනුන්ගේ නිදහසේ වීරවරිය ඇයයි.
බටහිර ආරයේ ගී ගැයීමත්ල ඊටම සරිලන ඇඳුමින් සැරසීමත් නිසා ඇෆ්ගනිස්තානයේ අන්තවාදීන්ගේ උදහසට ලක් වීම වැඩිවෙද්දී ඇය තව තවත් හිතුවක්කාර වුණා. එවැනි තර්ජන වැඩි වෙද්දී ඇය කළේ සිරුරට කිටි කිටියේ තදවූ ඇඳුම් පැලඳුම්වලින් සැරසී බටහිර රටවල පැවැත්වූ ගී ප්‍රසංගවලට සහභාගි වීමයි. ඉන් ඇෆ්ගන් පාලකයන්ගේ කෝපය තවත් වැඩිවුණා.

ඇෆ්ගන් මුලධර්මවාදීන්ගේ කෝපය අවුස්සා දමමින් ඇය වතාවක් පැරිස් නුවර දී පවත්වනු ලැබූ සංගීත ප්රසංගයේදී හැඳ සිටි පිරිමින්ගේ මනස කිතිකැවූ ඇඳුමක්. එය ඇගේ සමේ පැහැයෙන්ම යුතු සිරුරට ඇලුණු ඇඳුමක් වුණා. සැබැවින්ම ඈතට දිස්වූයේ නිරුවත් ගැහැනියක වේදිකාවේ ගී ගයන ආකාරයක්ග මේ සිදුවීම ඇෆ්ගනිස්තානය උණුසුම් කළා.
ඇගේ අදහස වී ඇත්තේ ගැහැනු ළමුන්ට පාසල් යාම තහනම් කළ, කාන්තාවන්ට රැකියා කිරීම තහනම් කළ ඇෆ්ගනිස්තාන මූලධර්මාදීන්ට යස පාඩමක් ඉගැන්විය යුතු බවයි.
අර්යානාගේ ගායනයත්, මුස්ලිම් කාන්තාවක් ලෙස ඇය ඉතා නිදහස් ජිවිතයක් ගත කිරීමත් නිසා යුද ගිනිදැල් මැද අන්ත අසරණ ජීවිතයක් ගෙවන ඇෆ්ගනිස්තානයේ දුගී දුප්පත් ජන සමාජය අතර ඇයට ඇත්තේ විශාල ගෞරවයක්.
අර්යානාගේ ගායනයත්, මුස්ලිම් කාන්තාවක් ලෙස ඇය ඉතා නිදහස් ජිවිතයක් ගත කිරීමත් නිසා යුද ගිනිදැල් මැද අන්ත අසරණ ජීවිතයක් ගෙවන ඇෆ්ගනිස්තානයේ දුගී දුප්පත් ජන සමාජය අතර ඇයට ඇත්තේ විශාල ගෞරවයක්. දැනට ලොව පුරා සංගීත ප්‍රසංග 50කටත් වඩා පවත්වා ඇති අර්යානා කියන්නේ ‘ඒ සියල්ල ඇෆ්ගන් කාන්තාවන් වෙනුවෙන් කළ උපහාර’ බවයි.
ආදරය විෂයය කරගත් ගී වැඩිපුර ගැයූවත් නිදහස සොයන ඇෆ්ගන් තරුණියන්ගේ මානසික පීඩනය ගීතයෙන් කතා කළ අවස්ථාත් ඇගේ ගීතවල නැතුවා නොවෙයි. එවැනි බොහෝ ගීත ඇෆ්ගනිස්තාන රූපවාහිනි නාලිකා ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම් වූ අවස්ථා ද එමටයි. එසේ වුවත් අර්යානා ගී ගැයීම නතර කළේ නෑ. ඇෆ්ගන් තරුණ පරපුර ඇගේ ගීත ශ්‍රවණය කිරීම නතර කළේත් නෑ.
ඇය නැවත නැවත කියනවා.
‘ඇයි එයාලා මට බයවෙන්නේ ? මේ අසරණ මිනිස්සුන් ඝාතනය කරන තලිබාන් ත්රස්තයන්ට එරෙහිව සටන් කරන්නේ නැතිව ඇයි එයාලා මගේ පස්සේ හඹා එන්නේ ? මම සාමාන්‍ය ගායිකාවක් විතරයි’
ඒත් ඇෆ්ගන් කතුන් සහ රැුඩිකල් තරුණයින් කියන්නේ ‘නැහැ … ඇය වීරවරියක්’ කියලයි.